කටාර්හි වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රි ලාංකීකයෙකු නොවන බව තහවුරු වේ

කටාර් රාජ්‍යෙය් දොහා හි සිදුවු වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර ඇත.

මෙරට මාධ්‍යවල පළවු මෙම ප්‍රවෘත්තිය කෙරෙහි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇත.

ඒ අනුව කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරණු සොයා බලා ඇත.

එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු නොවන බවයි. පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇතත් වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවට තහවුරු වි ඇත.


පෙර පුවත සදහා 👇 

කටාර්හි වෙඩි තැබිමකින් ශ්‍රි ලාංකීකයෙකු මරුට 

Werzuo Digital

Leave a Reply