බූස්ස දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිදෙනකු මරුට (PHOTOS)

බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ට බූස්ස ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී අද (01) පෙරවරුවේ  ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් 03 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත 
සිද්ධිය මියගොස් ඇත්තේ බූස්ස වැල්ලබඩ පදිංචි පිරිසකි. අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්‍රීරෝද රථය වැල්ලබඩ රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ දී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ. එම ස්ථානයේදීම තිදෙනෙකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
Update – බරපතළ තුවාල ලබා සිටි තවත් කාන්තාවක් ද මිය ගොස් තිබේ. ඒ අනුව මෙම අනතුරින් මියගිය මුළු සංඛ්‍යාව 04කි.. ඒ අනුව කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙම අනතුරින් මියගොස් තිබේ.. 
Werzuo Digital

Leave a Reply