මත්ද්‍රව්‍ය කිලෝ 200ක් මුහුදට දැමු සැකකරුවන් අත් අඩංගුවට (PHOTOS)

ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකක‍ටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමා ඇති බව නාවික හමුදාව පැවසීය 

නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව පසුගිය 26 වන මෙම හෙරොයින් තොගය සොයා විශේෂ මෙහෙයුමක් සිදුකරන අතරතුර සැකකරුවන් විසින් මුහුදට දමා තිබේ.

දෙවුන්දර සිට නාවික සැතපුම් 1081 (කිලෝ මීටර් 2002ක් පමණ) පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කිරිමෙන් පසු නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (03) කොළඹ වරාය වෙත රැගෙන ආ බවද නාවික හමුදාව පැවසීය.

තවද, සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් යොදවා එම මුහුදු ප්‍රදේශය පරීක්‍ෂා කළත්, මුහුදේ රළු ස්වභාවය සහ ගැඹුර (මීටර 3800ක් පමණ) හේතුවෙන් සැකකරුවන් විසින් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්‍ෂණය නොවූ බවද නාවික හමුදාව පැවසීය.

Werzuo Digital

Leave a Reply