සෙල්ෆි ගන්න ගිය ප්‍රංශ යුවලක් දුම්රියෙන් වැටි තුවාල ලබා රෝහලට

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේ දී අද (03) ප්‍රංශ ජාතික යුවලක් දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව මේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ..

මොවුන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ගමන් ගනිමින් සිටියදී 
දුම්රියේ දොරේ එල්ලී තරුණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යන විට ඉන් ඇද වැටී ඇති බව ද ඇය බේරා ගැනීම සඳහා තරුණයාද බිමට පැන ඇති බව ද අනාවරණය වි තිබේ. 
දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා සිටි යුවල එම දුම්රියෙන් ම හපුතලේට රැගෙනවිත්  1990 ගිලන් රථ සේවයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ද හපුතලේ පොලිසිය ප්‍රකාශ කර ඇත..
 
හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි…
Werzuo Digital

Leave a Reply