කුඩා හබල් අධාරයෙන් යන බෝට්ටුවකින් මැලේසියාවේ සිට අප්රිකානු මහාද්වීපය දක්වා මුහුදු ගමනක යෙදෙන ලිතිවියානු ජාතික මුහුදු සංචාරකයෙකු පෙරේදා (02) පස්වරුවේ ගාල්ල වරායට ළඟාවිය.
කුඩා ප්රමාණයේ බෝට්ටුවකින් හබල් ගසමින් මුහුදු ගමනේ යෙදෙන මොහු මීට මාසයකට පෙර මෙම මැලේසියාවේ සිට සංචාරය ආරම්භ කර ඇත. ශ්රී ලංකාවේ දින 04ක විවේකයක් ගතකොට අප්රිකාව දක්වා යන ගමනේ මීළඟ ගමනාන්තය දක්වා සංචාරය ආරම්භ කිරීමට නියමිතය.
ඔහු ගාල්ල වරායෙන් ශ්රි ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි සම්පත් අතුකෝරල හා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.