දකුණු පළාතේ කොවිඩ් ආසාදිත සිසුන් සඳහා රෝහල් 03ක විභාග මධ්‍යස්ථාන

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනි සිටින කොරෝනා ආසාදිත සිසු සිසුවියන් සඳහා දකුණු පළාත් රෝහල් තුනක විභාග මධ්‍යස්ථාන සුදානම්කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහරෝහලේද මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව රෝහලේද ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශිය රෝහලේද විභාග මධ්‍යස්ථාන පැවැත්වෙනු ඇත.
මෙම මධ්‍යස්ථාවලදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම යටතේ දරුවන්ට විභාගයට පෙනි සිටිම සඳහා පහසුකම් සළසා ඇති බවත් විභාග කාර්ය මණ්ඩලයට අමතරව වෛද්‍යවරුන් දෙදෙනෙක්ද සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය
Werzuo Digital

Leave a Reply