අම්බලන්තොට දී පොලිස් කොස්තාපල්වරයෙකුට පොරෝ පහරක්

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි  පොලිස් කොස්තාපල් වරයකුට අද (05) දහවල් පුද්ගලයකු විසින්  කුඩා අත් පොරවකින් පහරදීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම පහර දිම සිදුකල පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් බාරයට ගෙන රෝහල් ගත කර ඇත. 

බීමත්කමින් රිය පැදවීමක් සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාට පොරොව පහරක් ගසා ඇති බව අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply