මිලියන 08 අයිස් සමග තිදෙනකු මන්නාරමේ දී අත් අඩංගුවට (PHOTOS)

නාවික හමුදාව  සහ පොලිසිය  එක්ව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊයේ (04) සිදුකළ විශේෂ සෝදිසියකදී රුපියල් මිලියන 08කට අධික අයිස් මත්ද්‍රව්‍ය(Crystal Methamphetamine) සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්  සතුව අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ 1යි  ග්‍රෑම් 76 ක ප්‍රමාණයක් තිබී ඇත.මෙහි වටිනාකම මිලියන 08 කට අධික වන බවද නාවික හමුදාව පැවසීය..

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු පලමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී  සෙසු සැකකරුවන්, ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මන්නාරම පොලිසියට බාර දී ඇත.

Werzuo Digital

Leave a Reply