දුම්රියේ වැලි ටිපරය ගැටේ – රියදුරු ලොරියෙන් පැන ජීවිතය බේරාගනි

කොළඹ සිට මඩකලපු බලා ධාවනය වූ උදය දේවි දුම්රියට වැලිකන්ද මැණික්දෙනිය දුම්රිය හරස් මාර්ගයේදී වැලි ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් රියදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

දුම්රියේ වැලි ටිපර් ගැටීමත් සමඟ ටිපර් රථ රියදුරු ලොරියෙන් පැන ජීවිතය බේරාගෙන තිබේ

මෙම දුම්රිය ටිපර් රථ අනතුරෙන් ටිපර් රථයට බරපතල හානි සිදුවී ඇති අතර වැලි ටිපර් රථය දුම්රිය එන්ජිමේ හිරවී ඇති බවද පොලිසිය පවසයි.

මෙම  අනතුරෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති අතර අනතුර සිදුවන මොහොතේ දුම්රිය ගේට්ටු ආරක්ෂක මුරකරු එම ස්ථානයේ නොසිට ඇති බව ද අනාවරණය වී ඇත.

Werzuo Digital

Leave a Reply