🔴BREAKING🔴 – මොරොක්කෝවේ ගැඹුරු ළිඳක වැටි සිටි රයන් සොයා ගැනිමට සමත් වෙයි

මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා සොයා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් මීට සුළු මොහතකට පමණ පෙර සමත් වු බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට එම ස්ථානයේදීම මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා සූදානම් වන බවද එම වාර්තා සඳහන් කළේ ය 

දවස් පහක කාලයක සිට මෙම දරුවා ගැඹුරු ළිඳේ සිරවී සිටියදි ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබිය

රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳකට අඟහරුවාදා දින වැටි ඇත.

මෙම පස් හැවිරිදි දරුවා කෙසේ හෝ බේරා ගන්නා බවත් ඒ සදහා සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව මොරොක්කෝ රජය ප්‍රකාශ කර තිබින..

Werzuo Digital

Leave a Reply