කරාපිටියේ සේයා පටල හිඟයක් වෛද්‍යවරුන් සහ රෝගින් දැඩි අපහසුතාවයට

කරාපිටිය රෝහලේ පවතින සේයා පටල හිඟයක් නිසා  එක්ස් රේ, සි.ටී.ස්කෑන් සහ එම් ආර්.අයි.පරික්ෂණවල ඡායාරුප පිටපත් ලබා ගැනිමට නොහැකිවිම නිසා රෝගින් මෙන්ම වෛද්‍යවරුද දැඩි අපහසුවට පත්ව ඇතැයි  වාර්තාවේ.
වෛද්‍යවරුන් පවසන්නේ මේ නිසා රෝගියෙකුගේ එක්ස් රේ පරික්ෂණයක් හෝ සි.ටි.ස්කෑන් පරික්ෂණයක් කල පසු තමන්ට රසායනාගාරයට ගොස් පරිගණකයේ සටහන්වන වාර්තාව තමාගේ ජංගම දුරකතනයෙන් ඡායාරුපගත කරගෙන ඒමට සිදුව ඇති බවය.
මෙය තමන්ට මෙන්ම රෝගින්ටද  බලවත් අපහසුවක් බවද විශේෂයෙන් හදිසි ප්‍රතිකාර සේවාවලට මෙම සේයා පටල හිඟය දැඩිලෙස බලපා ඇති බවද වෛද්‍යවරු පවසති.
මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණි උබේසේකර මහත්මියගෙන් විමසුවිට කියා සිටියේ සේයා පටලවල හිඟයක් තිබෙන බවය. කෙසේ වෙතත් එම පරික්ෂණවල තොරතුරු ඡායාරුප පිටපත් වලින් තොරව බලා ගැනිමට හැකි යන්ත්‍රයක් මෙයට ටික දිනකට පෙර ලැබි ඇති බවද තවමත් එය සවිකර නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.
Werzuo Digital

Leave a Reply