නිවසක තිබු ලක්ෂ 400ක් වටිනා ජිප් රථයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක්

නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ රුපියල් කෝටි හතරකට වඩා වටිනා පැජරෝ වර්ගයේ ජීප් රථයක් අද (06) පාන්දර සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි.

පාන්දර 3.00 ට පමණ නිවසේ ජනේලයක් කඩා සොරුන් නිවසට ඇතුල් වී යතුරු එල්ලන ස්ථානයක එල්ලා තිබූ ජිප් රථයේ යතුර රැගෙන ජීප් රථය පන ගන්වා රැගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එම අවස්ථාවේ නිවසියන්ට නින්ද ගොස් සිටියදී සොරා ගෙන යාම සිදු කොට ඇති බවද පොලීසිය පවසයි.

CCTV දර්ශන අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට  වාහනය සොරා ගෙන ගොස් ඇති බවටද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි හලක හිමිකරුවෙකු ගේ ජීප් රථයක් එසේ සොරා ගෙන ගොස් ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply