සුනඛයකුගේ සපාකෑමක් දුරදිග ගොස් ඇතිවූ ආරවුලක් මරණයෙන් කෙලවර වෙයි

පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාව ප්‍රදේශයේ සිදු වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම සිද්ධියේ සැකකරු සහ මරණකරු සහෝදරයන් වන බව ද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකු අදාළ සහෝදරයාගේ නිවසේ සිටින සුනඛයකුගේ සපාකෑම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත සැකකරුගේ බිරිදට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා

Werzuo Digital

Leave a Reply