ඉහළ සම්ප්‍රේෂණයක් සහිත බිහිසුණු HIV ප්‍රභේදයක් නෙදර්ලන්තයෙන් සොයා ගැනේ

ඉහළ සම්ප්‍රේෂණයක් සහ භයානක ලක්ෂණ සහිත HIV වෛරසයේ නව ප්‍රභේදයක් නෙදර්ලන්තයෙන් හඳුනාගන්නට පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 


ජාත්‍යන්තර විද්‍යාඥයන් කිහිපදෙනෙකුගේ එකමුතුවකින් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බිට්ඩෙටා ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.ඒ අනුව මෙම ප්‍රභේදය Virulent Subtype B (VB) ලෙස නම් කර ඇත. එහිදී හඳුනාගත් ආසාදිත සාම්පල 6,700කට අධික සංඛ්‍යාවක් විශ්ලේෂණය කරමින් ඔවුන් මෙම නව හඳුනා ගැනීම සිදුකර තිබේ. මෙහිදී අනෙකුත් HIV ප්‍රභේදයන් හා සැසදීමේදී මෙම නව VB ප්‍රභේදය සතුව සුවිශේෂී ජානමය වෙනස්කම් ඇති බවද බවද ඔවුන් පවසා සිටී.

“මෙම VB ප්‍රභේදය සහිත පුද්ගලයන්ගේ රුධිරය සතුව ඇති වෛරස මට්ටම සාමාන්‍යය HIV වෛරසය සතු පුද්ගලයන් මෙන් 3.5 ක් සහ 5.5 ක ගුණයකින් ඉහළයි.ඒ වගේම මෙම වෛරසය එක් අයකුගෙන් තවත් අයකුට බෝවීම දෙගුණයකින් වේගවත්. ඒ නිසා AIDS රෝගය වඩාත් ක්‍රමිකව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා” යනුවෙන් මෙම අධ්‍යයනයට සහභාගි වූ විද්‍යාඥයන් සඳහන් කරයි

Werzuo Digital

Leave a Reply