උතුරු කොරියානු හැකර්වරු ක්‍රිප්ටෝ මුදල් සොරකමක – එක්සත් ජාතින්ගේ සංවිධානය

උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් (crypto currency) සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ක්‍රිප්ටෝ මුදල් යනු ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටෝකරන්සී යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ  පරිගණක ගත මුදල් වර්ගයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි එම වාර්තා සදහන් කලේය..

උතුරු කොරියානු හැකර්වරුන්, උතුරු අමෙරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ පිහිටි ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඇසුරින් මෙසේ මුදල් සොරකම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙන බව එම වාර්තාවේ සදහන් වේ..

Werzuo Digital

Leave a Reply