මොරොක්කෝව හඬවා රයන් අවසන් ගමන් යයි (VIDEO & PHOTOS)

උතුරු මොරොක්කෝවේ ළිඳක සිරවී සිට මිය ගිය පස් හැවිරිදි රයන් නම් කුඩා දරුවාගේ අවසන් කටයුතු අති විශාල ජන සහභාගීත්වයකින් ඔහු උපන් උතුරු මොරොක්කෝවේ දී සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රයන්ට අවසන් ගෞරව දැක්වීමට මොරොක්කෝ වැසියන් දහස් ගණනක් එක්ව සිටි බවද එම වාර්තා සඳහන් කළේ ය.

එම අවස්ථාවට ශෝකයට පත් විශාල ජනකායක් එක් රැස්ව සිටි අතර ඇතැම් පිරිස්වලට කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති සොහොන් බිම කරා යාමට හෝ අවස්ථාවක් ලැබී නොමැති බවද එම වාර්තා සඳහන් කළේ ය.

මොරොක්කෝ රාජ්‍යයේ ඉතිහාසය තුල මෙතරම් විශාල පිරිසක් සහභාගි වූ මෙවන් අවමංගල්‍යයක් පිළිබඳ තමන් අසා නොමැති බව ද අවමඟුල් උත්සව සඳහා පැමිණි ජනතාව ප්‍රකාශ කර ඇතැයි එම වාර්තා සඳහන් කළේ ය 

මෙම අවමංගල්‍ය අවස්ථාවට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබු අතර දහස් ගණනක් ජනතාව එක්ව සිටි අවමංගල්‍ය කටයුතු කළමනාකරණය කිරීම සඳහා රාජකීය හමුදා මෙන්ම පළාත් පාලන ආයතන එක්ව සිටි බව වාර්තා සඳහන් කළේ ය  

මේ අතර බලධාරීන් විසින් රයන් වැටී සිටි ළිඳ මෙන්ම අසල උමඟ පුරවා වසා දැමීමට ද පියවර ගෙන තිබේ..

රයන්ගේ අවසන් කටයුතු සිදුකල අවස්ථාව Video 👇

Werzuo Digital

Leave a Reply