බුත්තල කතරගම පාරේ අලි මදිවට කොටි

එක කරදරයක් තිබියදී තවත් කරදරයක් පැමිණි විට අලි මදිවට කොටි යනුවෙන් පැවැසීම අපේ ජනවහරේ පවතින්නකි.

මෙය සැබෑ කරමින් බුත්තල – කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියැදුරන් තවත් අකරතැබ්බයකට ලක්වෙමින් පවතී. ඒ රාත්‍රි කාලයේදී බුත්තල – කතරගම මාර්ගයේ සැරිසරන දිවියන් (ශ්‍රි ලංකා කොටි) දෙදෙනකු මුල් කරගෙනයි. 

දිවා කාලයේදී අලින් 06 දෙනකු සහ එක් ඇතකු මාර්ගයේ ගැවසෙමින් යන එන වාහන නවතා කෑම බලහත්කාරයෙන් ලබාගන්නා අතර ඇතැම් වාහනවලට පහර දෙමින් අලාභ හානි සිදු කිරීම මේ වනවිට වැඩි වී පවතී.

මෙයට අමතරව රාත්‍රි කාලයේ දිවියන් (ශ්‍රි ලංකා කොටි) දෙදෙනකු ගල්ගේ නමැති ප්‍රදේශය ආසන්නයේ සිටින අතර මාර්ගයේ යන එන වාහන වෙත කඩා පනිමින් වාහනවලට යෑමට නොහැකි ලෙස මාර්ගයේ ඇවිදයමින් සිටීම නිසා වාහනවල යන පිරිස් දැඩි බියකින් පසුවෙති. යතුරුපැදිකරුවන් කිහිපදෙනකු වෙත මෙම දිවියන් රාත්‍රි කාලයේදී පැන ඇති අතර ඔවුන් බේරී ඇත්තේ අනූනවයෙනි. ඇතැම් මාළු විකුණන යතුරුපැදිකරුවන් ඉතුරු වන මාළු මහ වනයට මුදාහැරීම මුල් කොටගෙන දිවියන් මෙසේ මිනිස් වාසයට ඒමට පුරුදුව සිටී.

මේ වනවිටත් මෙම මාර්ගයේ සිටින ඇතා දිනපතා රථවාහන වෙත පහරදෙන බැවින් යන එන පිරිස් දැඩි කල්පනාකාරීව යන එන ලෙස වනජීවී නිලධාරීහු දැනුම් දෙයි.

මව්බිම 

Werzuo Digital

Leave a Reply