වසර බිලියනයක් පැරණි කළු දියමන්තිය ඩොලර් මිලියන 4.3කට අලෙවි වෙයි

ලොව ඔපදැමූ විශාලතම දියමන්තිය ලෙස සැලකෙන වසර බිලියනයක් පමණ පැරණි Enigma නමින් හැඳින්වුණු කළු දියමන්තිය පසුගියදා පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 4.3 කට අලෙවි වී ඇතැයි වාර්තා වේ

කැරට් 555.55 ක බරක් ගන්නා මම දියමන්තිය බර කෙසෙල් ගෙඩියක බරට සමාන බවත් පැවසේ

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි Sotheby’s වෙන්දේසි මන්දිරයේ දී එය මෙලෙස වෙන්දේසියට ලක්ව තිබේ එහිදී මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 5.9 ක වටිනාකමක් හිමි වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණි. මෙම දියමන්තිය සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින අතර බොහෝ විට එය පෘථිවිය වෙත වැටුණු ග්‍රාහක කැබැල්ලකට අයත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම වෙන්දේසි සමාගමට අනුව එම මිලදී ගැනීම සඳහා ක්‍රිප්ටෝ මුදල් ඒකක මගින් කිරීමට ගැනුම්කරුවා කටයුතු කර තිබේ. ඒ අනුව මෙම වෙන්දේසියෙන් අනතුරුව එහි ගැනුම්කරුවා පිළිබඳ අනාවරණය කෙරනු අතර අද වන විට ක්‍රිප්ටෝ මුදල් ඒකක පිළිබඳ සමාගමක් හිමි රිචඩ් හාර්ට් එම පුද්ගලයා විය. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ දී මේ මිලදී ගැනීම පිළිබඳව සඳහන් කර තිබුණි  

Werzuo Digital

Leave a Reply