දික්වැල්ලේ බස් දෙකක් ගැටී අයෙක් මියගොස් 15කට තුවාල (PHOTOS)

දික්වැල්ල – බෙලිඅත්ත ප‍්‍රධාන මාර්ගයේදි වැවුරුකන්නල දුම්රිය ස්ථනය ආසන්නයේ මැල්පුර  වංගුවේදී පුද්ගලික මගී ප‍්‍රවාහන බස් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (11) දහවල් සිදුවු රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් 15 තුවාල ලබා රෝහරෝහල්ගත කල බව දික්වැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර සිට කතරගම බලා ගමන්කරමින් සිටි බස් රථයේ රියදුරු බවද පොලිසිය පවසයි.

තංගල්ල සිට කොළඔ බලා ගමන් කරමින් තිබූ බස් රථයේ රියදුරා හා තුවාල ලැබූ සෙසු මගීන් දික්වැල්ල තංගල්ල හා මාතර රෝහල්වලට ඇතුලත් කර ඇත.

Werzuo Digital

Leave a Reply