නැගෙනහිර යුක්‍රේනයේ පිපිරීම් 03ක්

නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා  හි මෙම පිපිරීම් 3 ක් සිදු වී ඇත.

ඩොනෙට්ස්ක් හි රුසියානු හිතවාදියකු වන කැරලිකාර හමුදාවේ එසේත් නැතිනම් බෙදුම්වාදී හමුදාවේ ආරක්ෂක ප්‍රධානී ඩෙනිස් ශිනෙන්කොව් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ඔහු එම රථයේ නොසිටි නිසා ඔහු අනතුරක් සිදුව නොමැත.

එම ජිප් රථයේ පළමු පිපිරීම සිදුව ඇති අතර දෙවැනි පිපිරීම සිදු වී ඇත්තේ ගෑස් නලයක වේ.තුන්වෙනි පිපිරීම සිදුව ඇත්තේ ලුහන්ස්ක් නගරයේ ඉන්ධන හලකය.

මෙම පිපිරීම්වලින් පසු සිවිල්වැසියන් ලක්ෂ 7 ක් රුසියාව වෙත යැවීමට තීරණය කර තිබෙන බව  ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයා ඩෙනිස් පුෂිලින්  පැවසීය.

රුසියානු හිතවාදී කැරලිකරුවන් යුක්රේන හමුදාවන්ට පිපිරීම් පිළිබඳ චෝදනා එල්ල කරයි. යුක්රේන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. යුක්රේන හමුදා පවසා ඇත්තේ තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.නමුත් කැරලිකාර හමුදා පැවසුවේ යුක්රේන හමුදා සමග යුද්ධයක් දැනටමත්  ආරම්භ වී ඇති බවයි.

පිපිරීම් සම්බන්ධ වගකීම නිල වශයෙන් පාර්ශවයක් භාර ගෙන නැතත් බටහිර රටවල් පැවසුවේ ආක්‍රමණය කිරීමට සාධාරණ හේතුවක් ලබාගැනීම සඳහා රුසියාව විසින් රුසියාවේ හිතවාදීන්ට පහර දී ඇති බවයි නමුත් තවමත් රාජතාන්ත්‍රික විසදුමකට යාමට හැකියාව තිබෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

කැරලිකාර හමුදා විසින් මුදා හරින ලද කාන්තාවන් සහ ළමුන් රුසියාව වෙත ඉවත් කරන  සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන වීඩියෝවල මෙටා ඩේටා පරික්ෂා කිරීමෙන් එය මෙම සිද්ධිය වීමට දින දෙකකට පෙර පටිගත කරන ලද්දක් බව තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.එය රුසියාවේ තොරතුරු යුද්ධයේ කොටසක් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply