හලාවත-කොළඹ ප්රධාන මාර්ගයේ ගලහිටියාව ප්රදේශයේදී පසුගියදා (20දා) වූ රිය අනතුරකින් ලොරි රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ අඩිප්පල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.
ලොරි රථය හලාවත දෙස සිට කොළඹ දෙසට පලා තොගයක් ප්රවාහනය කරමින් සිටියදී මාර්ගය හරහා සිටි කලවැද්දෙකු බේරීමට යෑමේදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ ගේට්ටු කණුවක වැදී මෙම අනතුර සිදුව ඇත.
රියැදුරු සමඟ ගමන් ගත් රියැදුරු සහායකටද සුළු තුවාල සිදුව තිබේ. මෘත ශරීරය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිත බව රෝහල් බලධාරීහු පැවැසූහ. මාදම්පේ පොලිසියේ රථවාහන අංශය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
මව්බිම