මාළු ලොරිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරලෙයි

මාළු තොගයක්  පටවා ගෙන යමින් සිටි ලොරියක් අද (24)  සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර්  15 කණුව අසල  බණ්ඩාරගම ප්‍රදේශයේ දී පෙරළීමෙන් මාර්ගයේ පුරා මාළු විසිරි වාහන ධාවනයට තරමක බාධාවක් ඇති වූ  බව අධිවේගී රථ වාහන පොලීසිය පවසයි.

අනතුර හේතුවෙන් එක් මංතීරුවක්  මීටර් කීපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි

කෙරවලපිටිය  සිට මාළු රැගෙන  පයාගලට  ධාවනය වෙමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක්  පිපිරීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් තොර වූ ලොරි රථය මාර්ගයේ වටයක්  පෙරළි ඇදීගොස් යකඩ වැට මත ගැටී තිබේ. අනතුරින් තුවාල ලැබූ රියදුරුට  පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී තිබේ

 

Werzuo Digital

Leave a Reply