බල්ලෙකුට තැබු වෙඩිල්ල කාන්තාවකට වැදී පුද්ගලයකු අත් අඩංගුවට

ව්‍යාපාරිකයෙකු විසින් බෝර 12 වර්ගයේ ගිණි අවියකින් සුනඛයකුට පෙරේදා (23) වෙඩි තබා ඇති අතර එය කාන්තාවකට වැදි ඇය සුළු තුවාල ලබා ඇති බව උඩුගම පොලිසිය පවසයි.

සුනඛයා මෙම ව්‍යාපාරිකයාගේ නිවස අසල ඉදිකරගෙන යනු ලබන ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සිට තිබෙන බවත් ව්‍යාපාරිකයා විසින් තම නිවසේ තෙවැනි මහලේ සිට ජනේලයකින් සුනඛයාට වෙඩි තබා තිබේ. එහිදී උණ්ඩ තුනක් අසල සිටි කාන්තාවකට වැදි තිබෙන බව අනාවරණය වි තිබේ.

පසුව මෙම කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණ මේ පිළිබද උඩුගම පොලිසියට පැමිණිලි කොට තිබේ.

නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කොට කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

බෝර 12 ගිණි අවිය සදහා බලපත්‍රයක් ව්‍යාපාරිකයා සතුව පවතින බව පොලිසිය පවසයි.මොහු ඊයේ (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

ලංකාදීප 

Werzuo Digital

Leave a Reply