දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන සංචාරකයින් පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පවත්වා තිබේ.
දැනට පවතින යුද්ධය නවත්වා යුක්‍රේන ආක්‍රමණය නතර කරන ලෙස ඔවුන් රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හට ආමන්ත්‍රණය කරන ලද විවිධ පුවරු අතැතිව යුක්රේන ජාතිකයන් විරෝධතාවයේ නිරත තිබේ..