ඡන්ද විමසීම් කරන පවත්වන අවස්ථාවන්හි දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නීත්‍යානුකුල ලියවිල්ලක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.
දේශපාලන පක්ෂ ලේකම්වරු සමඟ මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා (23) පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.
මැතිවරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද තේරීම් කාරක සභාවට මැතිවරණ කොමිෂන් සභාව මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.