යුක්‍රේන සංචාරකයන් ගාලු කොටුවේ නිහඬ විරෝධතාවක (PHOTOS)

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (26) පස්වරුවේ ගාල්ල කොටුව ඕලන්ද රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පැවැත්විය.

දැනට පවතින යුද්ධය නවත්වා යුක්‍රේන ආක්‍රමණය නතර කරන ලෙස ඔවුන් රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ලෝක ප්‍රජාවට ද මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය 

මෙම විරෝධතාවය සඳහා ගාල්ල, උණවටුන වැලිගම, මිරිස්ස, හබරාදූව, හික්කඩුව සහ බෙන්තොට යන ප්‍රදේශවල රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් 50 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
විරෝධතාව අතරතුර එම ස්ථානයට පැමිණි රුසියානු යුවලක් සංවේදීව හඬමින් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටි අවස්ථාවේ එම ස්ථානයේ සිටි යුක්‍රේන ජාතිකයන් ද හඬන අයුරු දැකගත හැකි විය.
මෙම ගැටුමේදී  මියගිය යුක්‍රේන ජාතිකයන් සිහිකර ඒ වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කළ අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද එහිදි ඉටිපන්දම් දල්වන අයුරු දැකගත හැකි විය.

  

Werzuo Digital

Leave a Reply