පණ බේරා ගනිමින් යුක්‍රේනුවන් මිලියන 05ක් අසල්වැසි රටවල්වලට


රුසියානු හමුදා ප්‍රහාර හමුවේ යුක්රේන් වැසියන් මිලියන 5කට වැඩි පිරිසක් අසල්වැසි රටවල් වලට පලා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය ප්‍රකාශ කළේය.

මේ වන විටත් ගැටුම් හේතුවෙන් පසුගිය පැය 24 තුළ තුළ දී පමණක් ලක්ෂයකට වැඩි යුක්රේන පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇතැයි ද එම ඒජන්සිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම වැසියන් පෝලන්තය, මොල්ඩෝවාව, රුමේනියාව, හංගේරියාව සහ ස්ලෝවැකියාව ජල අසල්වැසි රටවල් වලට පලා යමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

යුක්රේනයෙන් පැමිණි 35,000 ක පිරිසකට තම රටට ඇතුළුවීමට අවසර දුන් බවත් ඔවුන්ට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළ බවත් තමන්ට සරණාගතයන් මිලියනයකට පහසුකම් සැපයීමේ හැකියාව ඇති බවත් පෝලන්ත රජයේ නිවේදනය කළේය.

Werzuo Digital

Leave a Reply