පසුගිය (27) වනදා හික්කඩුව, ගෝනාපිනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති වු සිද්ධියකදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා යතුරුපැදියෙන් පළා ගිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (2) අත්අඩංගුවට ගෙන තිබේ..
සැකකරුවන්ගෙන් හෙළි වු තොරතුරු අනුව සිද්ධියට අදාල ටී 56 ගිනි අවිය, යතුරු පැදිය, පතරොම් 45 ක්, මැගසින් දෙකක් සොයාගෙන ඇති බව වාර්තාවේ..
පෙර පුවත සදහා 👇