රන් දූපත (පරෙවි දුපත) මංගල උපෝසථාගාරය පිහිටි දූපත හා මාතර නගරය යාකෙරෙන කඩා වැටුණු යකඩ පාලම මාතර යුධ හමුදා සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් තාවකාලිකව යළි ඉදි කිරීම ආරම්භ කර තිබේ.
තාවකාලික පාලම ඉදිකල වහාම ස්ථිර පාළමේ වැඩකටයුතු ආරම්භ කොට මාස 06ක් තුල අවසන් කර දීමට නියමිතය.
පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන මෙම පාලම පෙරේදා (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.
සංචාරකයින් පිරිසක් පාලම මැද සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එම පාලම හදීසියේ කඩා වැටී තිබුණි.
ඒ වන විට පරවිදූව උපෝසථාගාරයට ගොස් සිටි විදේශීය ජාතිකයින් ඇතුළු සංචාරකයින්ට පාලම කඩා වැටීම නිසා නැවත ගොඩබිමට ඒමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දූපත තුල කොටු වී සිටි අතර පොලීසිය, යුධ හමුදාව, නාවික හමුදාව හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ ඔවුන් ගොඩබිමට රැගෙන එම සදහා මෙහෙයුමක් ආරම්භ කලේය.
ඒ අනුව දූපත තුල කොටු වී සිටි හැට දෙනෙකු පමණ අත් අල්ලා ගෙන ගොඩට රැගෙ ඒමට කටයුතු කෙරිණි.