මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.
මෙම සත්ත්වයා දළදා පෙරැහැර ආරම්භ වීමට ආසන්න වන විට මාළිගාව වෙත ගමන් කරනුයේ දීර්ඝ පා ගමනකින් අනතුරුව වීම ද විශේෂත්වයකි.
එමෙන්ම පා ගමනින් ම යළි මාලිගාවේ සිට වලව්ව දක්වා ගමන් ගැනීම ද එම සත්ත්වයා සතු ලක්ෂණයක්.
වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් බවයි සඳහන් වේ
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය