ජංගම දුරකථනයක් පුපුරා යෑමේ සිද්ධියක් හැටන්වලින්

නිමි ඇඳුම් වෙළෙඳසැළක සේවකයෙකු විසින් ජංගම දුරකථනයක් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවකදී එය පුපුරා ගොස් විනාශ වී තිබෙන බව වාර්තාවේ.

හැටන් නගරයේ පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැළකදී අද (19) මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තාවේ.

සේවකයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයේ බැටරිය දිගු වේලාවක් ක්‍රියා නොකරන බවට ඔහුගේ මිතුරෙකුට ලබා දී පරික්ෂා කරන ලෙසට දන්වා ඇත. 

ඔහු එම අවස්තාවේ ජංගම දුරකථනය පරික්ෂා කරමින් සිටින විට ජංගම දුරකථනයේ බැටරිය එකවරම පුපුරා ඒ තුලින් ගින්නක් හටගෙන තිබේ. 

පිපිරිමෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැත.

ජංගම දුරකථන අලුත්වැඩියාකරුවන් පැවසුවේ ජංගම දුරකථන බැටරි අධික වේලාවක් ආරෝපණය කිරීම මීට හේතුව බවය.

ඒ තුළින් බැටරි ඉදිමී පිපිරිමේ අවධානමක් පවතින බවද ඔවුන් පවසයි. 

Werzuo Digital

Leave a Reply