ඇල්පිටිය පුංචි ඡන්දය ගණන් කිරීම් අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම – සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්

ලබන 26 වන දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු පළමු අදියරේදි කොට්ඨාස මට්ටමින් එම ඡන්ද මධ්‍යස්ථානවලදීම එහි ඡන්දය ගණන් කිරිම සිදු කිරීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කාර්යාලය පවසයි.

එම මධ්‍යස්ථානවල දී අදාළ කොට්ඨාසයේ ප්‍රතිඵල නිකුත් කිරිමෙන් පසුව සමස්ථ ප්‍රතිපලය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍රතිඵල මධ්‍යස්ථානයේදි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එම කාර්යාලය පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 55643ක් සඳහා මුළු සභික ධුර සංඛ්‍යාව 28ක් වන අතර එයින් 17ක් කොට්ඨාස මට්ටමින් ඡන්දයෙන් තෝරාපත් කර ගනු ලැබිමට නියමිත අතර සමානුපාතික නියෝජනය යටතේ සභිකයින් 11ක්ද තෝරාපත් කර ගැනිමට නියමිතය

ලබන 26 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 48 ක දි පැවැත්වීමට නියමිතය.

Werzuo Digital

Leave a Reply