බස් රථයක පාපුවරුවෙන් වැටී මගියෙකු ජීවිතක්ෂයට

මතුගම සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයක ගමන් ගත් මගියෙකු නෙළුව නගරය ආසන්නයේදී අද (05) සවස බස් රථයෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තීනියාවල පදිංචි 31 හැවිරිදි තිනියාවල පදිංචි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

මියගිය තරුණයා බස් රථයෙන් බැසීමට සූදානම් වූ අවස්ථාවේ මෙලෙස පා පුවරුවෙන් ඇද වැටී බරපතල තුවාල ලබා නෙළුව මැදගම රෝහල්වලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply