අහංගම නිවසක අඹු සැමි යුවලක් ඝාතනය කරලා

අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක ඝාතනය කර සිටි අඹු සැමි යුවලකගේ මළ සිරුරු දෙකක් අද (04) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 63 හැවිරිදි බිරිඳ සහ 67 හැවිරිදි සැමියෙකු බවද පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනාගේ ගෙල කපා හිසට පහරදී නිවසේ කාමරයක් තුළ මෙලෙස ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් වර්ණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර මේ වන විට අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply