ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අද (03) අලුයම ජාත්‍යන්තර මුහුදේ ගමන් ගත් නෞකාවක් ගැටී පෙරලි අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
නිහතමානි 01 නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25 වන දින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර ගාල්ලට දකුණින්වු ගැඹුරු ජාත්‍යන්තර මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරින් ගමන් ගත් නෞකාවක ගැටිමෙන් අනතුරට ලක්ව ඇත.
අතුරුදහන්වු ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි