ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට වෛද්‍යවරුන් උද්ඝෝෂණයක

ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට (කරාපිටිය රෝහල) ගාල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (03) දහවල් පවත්වන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු පිළිබඳ කතා කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු සඳහා විනය පරීක්ෂණයක් පැවැත්වීම එරෙහිව දිවයින පුරා මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

මේ සඳහා කරාපිටිය ජාතික රෝහලේ හා කරාපිටිය මාතෘ රෝහලේ වෛද්‍යවරුන් සහභාගී විය.

Werzuo Digital

Leave a Reply