කරාපිටිය රෝහල ශ්‍රි ලංකාවේ තෙවැනි ජාතික රෝහල බවට පත්කෙරේ

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිටත් කරාපිටිය රෝහල සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ආදිය පුහුණුකිරීමේ කටයුතුවලට වැඩි දායකත්වයක් දක්වන බව ද පැවසු අමාත්‍යවරයා, රුහුණු විශ්වවිද්‍යාලයේ සායනික පුහුණුව ලබාදෙන රෝහල ලෙස වසරකට 1000කට වඩා වෛද්‍ය සිසුන් ප්‍රමාණයකට පුහුණුවීම් ලබාදෙන බව ද සඳහන් කළේය.

 මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Werzuo Digital

Leave a Reply