2022 වසරේ වාහන සොරකම් ඉහළට

රට පුරා යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු රථ වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

2021 වසරේදී වාහන 1405ක් සොරකම් කර ඇති බවත් 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406ක් සොරකම් කර ඇති බවත් දත්ත අනුව හෙළිවී ඇත. 

2021 වසරේ බස් රථ  09ක්, වෑන් රථ 06ක, ලොරි රථ 10ක්, මෝටර් රථ 34ක්, ත්‍රීරෝද රථ 353ක්, යතුරු පැදි 975 ක් සහ වෙනත් වාහන 18 සොරකම් කර තිබෙන බව පොලිසිය පවසයි.

වාහනහිමියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි පැහැරගැනීම් බහුතරයක් සිදුවන බව පොලිසිය පවසයි

Leave a Reply