ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයක් ජපානයට

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්‍ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත.
ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දි තිබේ..
සිය ධුර කාලය තුළ මෙරට ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙන් පසුවන බව මිසිකොෂි හෙදකි මහතා පැවසීය. දැනට ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන ව්‍යවසායන් 75 ක් පමණ ක්‍රියාත්මක වේ.
පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජන කර ඇති අතර එමඟින් රැකියා අවස්ථා 12,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.
(අග්‍රාමාත්‍ය කාර්යාලය)

Leave a Reply