විවාහය අතරතුර මනාලයා සහ බාලවයස්කාර මනාලිය අත් අඩංගුවට

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

විවාහ වීමට ගිය මනාලියගේ වයස අවුරුදු 15යි මාස හයක් බව සඳහන් කරන පොලිසිය සැකකාර තරුණයාගේ වයස අවුරුදු 19 බවත් මූලික විමර්ශනයේදී හෙළි වු බව පොලිසිය පවසයි.

මේ වන විට තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය පවසයි.

Leave a Reply