වලවේ ගඟේ කිඹුලන් ගහන ප්‍රදේශයකට පැන්න කාන්තාවක් බේරාගනි

අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් කිඹුලන් ගහන ගඟට පැන්න කාන්තාවක් ගඟ හරහා යාත්‍රා කරමින් සිටි බෝට්ටුකරුවකු විසින් බේරාගෙන ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.

වලවේ ගඟේ පාලම මතින් ගඟට පැන්න එම අවස්ථාවේ ගඟ හරහා යාත්‍රා කළ ඔරුවකින් කාන්තාව සිටින ස්ථානයට පැමිණ ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගොඩබිමට රැගෙන පැමිණ තිබේ.

කාන්තාව ගඟට පැන්නා ස්ථානය මිනී කන කිඹුල්ලු ගහන ස්ථානයක් බව ප්‍රදේශවාසීහු පවසයි.

කාන්තාව ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර බේරාගත් කාන්තාව අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply