බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්

බෙන්තොට සංචාරක හෝටලයක් පිටුපස මුහුදු තීරයේදි අද (15) සවස දිය නෑමට ගිය පාසල් සිසුවෙකු රළ පහරකට හසුව ගසාගෙන ගොස්  අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් සමීර් නමැති 17 හැවිරිදි සිසුවෙකු බව පොලිසිය පවසයි.

සිය පවුලේ අය සමග මුහුදු වෙරළට පැමිණ දිය නෑමට ගොස් මෙලෙස අතුරුදහන්ව ඇත.

අතුරුදහන් සිසුවා සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව නාවික හමුදාවටද දැනුම් දී තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply