බස් රථයක් ලයිට් කණු කඩාගෙන ගාල්ලේ සිදුවු අමුතු අනතුර CCTV

ඊයේ (26) අළුයම ගාල්ල කුණු ඇල පාරේ ගාල්ල නගරයේ සිට වක්වැල්ල පාර දෙසට ගමන් කරමින් තිබූ සුපෝකබෝගී බස් රථයක රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ දෙපස තිබූ දුරකථන කණු හයක් කඩාගෙන ගොස් ග්‍රාම සේවක කාර්යාලයක ගැටී රිය අනතුරක් සිදුව තිබේ.

ඊයේ අළුයම සිදුවූ මෙම අනතුරින් බස් රථය මාර්ගයේ තිබු දුරකථන කණු 6ක ගැටී මීටර සීයක් පමණ දුරකට ගමන් කර තුන් මං හන්දියකින් දකුණට හැරි ඒ අසල තිබූ ග්‍රාම සේවක කාර්යාලයේ ගැටී බස් රථය නැවතී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථයේ රියැදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති අතර ග්‍රාම සේවා කාර්යාලයේ මේස පුටු ඇතුළු උපකරණ වලට අලාභහානි සිදුව තිබේ.

බස් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය පවසයි.

මෙම මාර්ගයේ ගාල්ල නගරයේ ප්‍රධාන පෙළේ උපකාරක පන්ති රැසක් පිහිටි බවත් දහවල් කාලයේ දහස් ගණන් සිසු සිසුවියන් මෙම මාර්ගය භාවිතා කරන බවත් රාත්‍රියේ අනතුර සිදුවන අවස්ථාවේ කිසිවෙකු මාර්ගයේ නොසිටි නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැලකි ගිය බව ප්‍රදෙශවාසින් පවසයි.

අත්අඩංගුවට ගත් බස්රථ රියදුරු ඊයේ (26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

One thought on “බස් රථයක් ලයිට් කණු කඩාගෙන ගාල්ලේ සිදුවු අමුතු අනතුර CCTV

  1. කෙසේ හෝ මේ නිවස දැනටමත් අබලන් වී තිබුණි. මම එහි කිහිප වතාවක්ම ගොස් ඇත. දෙවියන්ට පිං කාටවත් හානියක් වුනේ නෑ.

Leave a Reply