පාසල් සිසුවාට මරු කැඳවු ජංගම දුරකථනය

මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී ඊයේ (26) බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එසේ මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉ‌ගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply