දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදුව අතර කිලෝමීටර් 80.9 කණුව අසලදී ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් සහ බවුසර් රථයක් ගැටීමෙන් ලොරි රථයේ සහයක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (07) රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහයක තුවාල ලබා ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ලොරියේ සහයක මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ (54) හැවිරිදි  පුද්ගලයෙකි.

Leave a Reply