ගොඩගම මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්

මිටියාගොඩ පොලිස් වසමේ ගොඩගම මුහුදු වෙරළට අද (28) දහවල් ගොඩ ගසා තිබු කාන්තා මළ සිරුරක් සොයාගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.

වයස අවුරුදු 40 ක පමණ විය හැකි බවට සැකකරන මෙම මළ සිරුර පිළිබදව මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති බවද පොලිසිය පවසයි.

මළසිරුර දැනට බලපිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply