කොත්මලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී එක් අයෙකු මියගොස් 12 දෙනෙකුට තුවාල

අධික වර්ෂාව මධ්‍යයේ පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුස්සැල්ලාව, නවකඩදොර 56 හැවිරිදි අයෙකි

තවත් බස් රථයකට ඉඩදීමට යාමේදී එම බස් රථයේ බඳ කොටසේ වැදී ලිස්සා ගොස් මෙම බස් රථය මෙසේ ප්‍රපාතයට පෙරළී ගොස් ඇති අතර තුවාල ලැබුවන් කොත්මලේ සහ ගම්පොල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බව ද පොලිසිය පවසයි.

Leave a Reply