කොළඹින් නැව් නැග හොරෙන් රට යන්න හැදු හතරදෙනා රිමාන්ඩ්

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කරන ලද පුද්ගලයින් හතරදෙනා ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (11) දහවල් නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ යාපනය වේලනෙයි පදිංචි සිවු දෙනෙකි.

මාර්තු මාසයේ 24 වනදා සැකකරුවන් පිරිස කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවකට ගොඩ වී එහි සැඟවී තිබේ.

අනතුරුව නෞකාව යාත්‍රා කිරීම ආරම්භ කර ඇති අතර සූවස් ඇල ආසන්නයේදී නෞකාවේ කපිතාන්වරයාට මෙම සැකකරුවන් නිරීක්ෂණය වී ඇත.

පසුව එම නෞකාවේ කපිතාන්වරයා ඒ පිළිබඳව අදාළ නැව් සමාගමට දැනුම්දී මෙම සැකකරුවන් නැවත ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන වෙනත් නෞකාවක සැකකරුවන් පිරිස නංවා එවා ඇති අතර අදාළ නෞකාව විසින් සැකකරුවන් සිව්දෙනා ගාල්ල වරාය පොලීසිය වෙත භාරදී ඇත

ගාල්ල වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply