අධිබලැති විදුලි රැහැන පුද්ගලයෙකුට මරු කැඳවයි

අධිබලැති විදුලි රැහැනක් ස්පර්ශවීමෙන් පුද්ගලයෙකුට විදුලිසැර වැදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන සිද්ධියක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ. 

කුලියාපිටිය නගරශාලාව පිටුපස උපකාරක පන්ති පවත්වාගෙන යන ගොඩනැගිල්ලක යකඩ බටයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අද (03) එම අනතුරට මුහුණදී තිබුණි.

අනතුරට ලක්වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ උපකාරක පන්තියක සේවය කරමින් සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply