දක්ෂිණ අධිවේගයේ ලොරියක ටයරයක් පුපුරා අනතුරක්

කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ටයරයක් පුපුරා යාමෙන් සිදුව අනතුරකින් ලොරි රථයට බරපතළ හානි සිදුව ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදි මෙම ලොරිය පෙරළී ගොස් තිබෙන අතර අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.

මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමත් එම ලොරිය පෙරළී මීටර් දහයක් පමණ ඉදිරියට ඇදීගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබු බව පොලිසිය පවසයි.

Leave a Reply